කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
ඔබගේ කැමැත්ත වේවා - මාගේ කැමැත්ත වේවා.
(දෙවැනි කොටස)
"ඔබගේ කැමැත්ත වේවා" වෙනුවට "මාගේ කැමැත්ත වේවා" යන ජිවිත රටාව මේ වර්තමාණයේ ජිවත්වන අපට පමණක් නොව නුමුත් ඒ ඈත අතීතයේ ජීවත්වූ ඇදහිලිවන්තයන්වද අභියෝගයට පත්කළ තේමාවක් වූ බව දේව වචනය කියවන විට දැකීමට හැකියි.
ඒ ගැන පුදුම වීමට විශේෂ කාරණයක් අපට නොමැති වුවත්, මෙහිදී ඇත්ත වශයෙන්ම අප පුදුම වියයුතු කාරණය වන්නේ; ඔබගේ කැමැත්ත කෙසේ වෙතත් "මාගේ කැමැත්ත වේවා" යනුවෙන් කරණ ලද ඉල්ලීම් වලටත් දෙවියන්වහන්සේද ඒ අයුරින්ම ඔවුන්ට පිළිතුරු දී ඇති අවස්තාවන් ගැනත් බයිබලයේ දැකීමට හැකිවීමයි.
පරණ ගිවිසුම කාලයේ ජීවත්වූ සමහර පුද්ගලයන් විසින්, අනේ දෙවියණි! ඔබගේ කැමැත්ත කෙසේ වෙතත්, "මාගේ කැමැත්ත" හෝ "අපේ කැමැත්ත" මේ යැයි පවසමින්, උන්වහන්සේ ඉදිරියේ බැගෑපත් වෙමින් ඉල්ලා සිටි ඉල්ලීම් වලට පවා දෙවියන්වහන්සේද ඔවුන් ඉල්ලා සිටිය ආකාරයෙන්ම ඒවා ඔවුන්ට ලැබෙන්නට ඉඩහැරිය අවස්තාවන් ගැනත් සාක්ෂි බයිබලයේම සඳහන් වී තිබෙයි.
නුමුත් ඒවා සමග "විපත්තියද" ඔවුන් කෙරෙහි පැමිණි බවත් බයිබලයේ සටහන් වී තිබීම නිසා ඒ ගැනත් විමසා බැලීම පාඩමේ දෙවැනි කොටසට ඇතුලත් වෙයි.
මේ ගැන පළමු උදාහරණය, නික්මයාම පොතෙහි 16 වැනි පරිච්චේදයේ මෙසේ ලියා දැක්වෙයි.
දෙවියන්වහන්සේ විසින් අවුරුදු හාරසියයකට වඩා ඊජිප්තුවේ පාරාවෝ නමැති රජතුමාගේ බලය යටතේ වහල්ලුන් සේ ජීවත්වූ ඉශ්රායෙල් සෙනග, මෝසෙස් තුලින් වහල්කමින් මුදවාගෙන කාන්තාර ප්‍රදේශ තුලින් ගෙනගිය ඒ අවදියේදී, සෙනගට අවශ්‍යය කෑමද කාන්තරයේදී ඔවුන්ට ලබා දුන් බවත් එහි සඳහන් වෙයි.
ඒ අනුව ඉශ්රායෙල් සෙනග දිනපතා උදෑසන ස්වර්ගයේ කෑම වූ "මන්නා" වලින් පෝෂණය වූ බවත් ඒවා ඔවුන්ට දෙවියන්වහන්සේම විසින් ඉහල අහසින් සෑම උදෑසනකම ලබාදුන් බවත් බයිබලයේ ලියවී තිබෙයි.
නුමුත් ඉශ්රායෙල් සෙනග ඒ වනාන්තර ගමනේදී දිනපතා ස්වර්ගයේ කෑම වූ "මන්නා" පමණක් කෑමට අකමැතිව, ඊජිප්තුවේ වහල් කමේදී ඔවුන් කෑ සුදු ළුනු මෙන්ම එහිදී කෑ මස් ජාතිද සිහිකරමින්, ඒ ගැන දෙවියන්වහන්සේට මැසිවිලි කීයමින් මෝසෙස්ට ඒ ගැන චෝදනා කිරීමට පටගත් අවස්ථාවේදී, මෝසෙස් විසින් ඒ ගැනත් එහිදී ඔවුන් විසින් දෙවියන්වහන්සේට විරුද්ධව කරනු ලැබූ ඔවුන්ගේ ඒ "මාගේ කැමැත්ත මුල්කරගත්" ඉල්ලීම ගැනත් දෙවියන්ට පැවසු විට; උන්වහන්සේද ඔවුන් විසින් මුරණ්ඩුවී ඉල්ලාසිටි ඒ මාගේ කැමැත්ත වේවා යන ඒ ඉල්ලීමටත් පිළිතුරු දුන් බව නික්මයාම පොතේ සඳහන් වෙයි.
දෙවියන්වහන්සේද ඔවුන්ගේ යාඥාවට පිළිතුරු ලෙසින්ඔවුන් ඉල්ලා සිටිය ලෙසින්ම "ස්වර්ගයෙන් වැටුණු මන්නා" වලට අමතරව, මස් කන පිණිස "වටුවන්" නමැති කුරුළු වර්ගයක් දහස් ගණනින් කාන්තාරයේ ලගින්නට සලස්වමින් කෑමට පක්ෂීන්ගේ මාංශයද ඔවුන්ට සපයාදුන් බවටත් බයිබලය වාර්තා සපයයි.
මේ වාර්තාව බයිබලයේ ඇති පුරාන පිටපත් වල (මුල් කාලයේ පළවුණු බයිබල් පරිවර්තයන්හි) සඳහන් වන්නේ; "උන්වහන්සේද ඔවුන්ගේ ඉල්ලීමට පිළිතුරු දුන්සේක. නුමුත් ඔවුන්ගේ ආත්මයට සැහැල්ලුවක් නොවීය" යන ආකාරයෙනුයි.
ඒ ගැන නික්මයාම පොත එසේ කෙටියෙන් අදහස් දක්වා තිබුණත්, එහි සඳහන් "ඔවුන්ගේ ආත්මයට සැහැල්ලුවක් නොවිය" යන ඒ කොටසේ නියම තේරුම වටහා ගැනීමට නම්, අපට "ගණන් කතාව" පොතේ ඇති වාර්තාද කියවීමට සිදුවන්නේ ඒ විස්තර එහි විස්තරාත්මකව දැකීමට හැකිවීම නිසායි. ඒ ගැන ගණන් කතාව මෙසේ විස්තර සපයයි.
"එවිට ස්වාමින්වහන්සේ ගෙන් සුළඟක් නික්ම ගොස්, වටුවන් මුහුද දෙසින් පමුණුවා, කඳවුර ළඟ මෙහායින් දවසක පමණ ගමන් දුරටත්, පොලොව මතු පිට දෙරියනක පමණ උසටත් කඳවුර හාස් පසින් උන් වැටෙන්නට සැලැස්විය.
සෙනග ඒ දවස මුලුල්ලෙහිත් , රෑ මුලුල්ලෙහිත් නැගිට සිට වටුවන් එකතු කළෝය. ඔවුහු කඳවුර හාත්පස උන් තමුන්ටම වෙන්කර අතුරා තබා ගත්තෝය.
නුමුත් මාංශය ඔවුන්ගේ දත් අතරේ තිබෙද්දීම, ඒවා විකන්නට පළමුවෙන්,
ස්වාමින්වහන්සේගේ උදහස සෙනගට විරුද්ධව ඇවිළුනේය. ස්වාමින්වහන්සේ ඉතා මහත් වසංගතයකින් සෙනගට පහර දුන්සේක.
තෘස්නාදික සෙනග මැරී එහි තැන්පත්කරනු ලැබූ බැවින්, ඒ ස්ථානයට "කිබ්රොත් හැත්තාවා"
යන නාමය තබන ලද්දේය. එනම්, තෘස්නාවේ සොහොන් පොළ යන අර්ථය වෙයි."
- ගණන් කතාව 11: 31- 35.
ඔබගේ කැමැත්ත වෙනුවට මාගේ කැමැත්ත මුල් කරගත් ඉශ්රායෙල් සෙනග ගේ ඒ ඉල්ලීමට ඔවුන් ලබාගත් පිළිතුර (ප්‍රතිඵලය) ඔවුන්ට යහපත නොව නුමුත් අයහපත ගෙනදුන් බව පෙනෙයි. ඔවුන්ගේ ඒ මාගේ කැමැත්ත මුල්කරගත් ඉල්ලිමට දෙවියන්වහන්සේ ගෙන් පිළිතුරු ඔවුනට ලැබුනත් ඉන්පසු ඔවුන්ගෙන් බොහෝදෙනෙක් වසංගතයෙන් මියගිය බව පෙන්වාදෙන්නේ, ඔබගේ කැමැත්ත පමණක් වේවා යන අරමුණින් පිට පැන ඒ වෙනුවට මාගේ කැමැත්ත කෙසේ හෝ මට ලැබේවා යන අරමුණින් කරන ඉල්ලීම් වලට ලැබෙන පිළිතුරු තුල ආශිර්වාදය නොමැති බවයි. ඇදහිලිවන්තයන් වන අප ඒ ගැන මෙහිදී තේරුම් ගත යුතුයි.
ඒ ගැන දෙවැනි උදාහරණය සාමුවෙල් පොතේ අටවැනි පරිච්චේදයේ මෙසේ ලියා දැක්වෙයි..
ඉශ්රායෙල් සෙනග දෙවියන්වහන්සේගේ සෙනග යනුවෙන් ප්‍රශිද්ධ වන්නේ, ඔවුන් දෙවියන්වහන්සේ විසින් රතු මුහුඳ මැදින් ගෙනයමින් පාරාවෝ රජුගේ බලවත් හස්තයෙන්ද මුදවාගත් සෙනගක් ද වන නිසායි. දෙවියන්න්වහන්සේම ඔවුන්ගේ නායකයා වෙමින්, ඔවුන්ගේ පෙරටුවෙන්ද, පසුපසින්ද, ගියබවත් ඒ ගැන බයිබලයේ සඳහන්වෙයි.
දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම තුලින් ඔවුන් රජවරුන් පරාජය කරමින්, දේශසීමාවන් අත්පත් කරගත් බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. ඉශ්රායෙල් සෙනග ගැන දැකියහැකි දෙවියන්වහන්සේගේ සැළැස්ම දිස්වන්නේ, උන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේ ලෙසින් පමණක් නොව නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ ස්වාමියා වෙමින්ද ඔවුන් මාධ්‍යයේ සිටිනු දැකීමයි.
කාලයාගේ අවෑමෙන් ඉශ්රායෙල් සෙනග දෙවියන්වහන්සේගේ මඟපෙන්වීම යටතේ පොරොන්දු දේශයට පැමිණ එහි ස්ථිර ලෙසින් පදිංචි වීමෙන් පසුව, සාමුවෙල් දෙවියන්වහන්සේ සහ සෙනග වෙනුවෙන් පෙනීසිටි අතර එකල සාමුවෙල් අනාගත වරයාගේ මහලු කම ඉදිරියේදී, ඉශ්රායෙල් සෙනග ඔවුන් අවට සිටින අනෙක් රාජ්‍යයන් සහ ඔවුන්ගේ රජවරුන් දෙස බලා, ඔවුන්ටත් අනෙක් රාජ්‍යයවල සිටින ආකාරයෙන් ඔවුන්ගේ පෙරටුවෙන් යන පිණිස දෙවියන්වහන්සේ වෙණුවට රජකෙනෙක් පත්කර දෙන ලෙස සාමුවෙල් ගෙන් ඉල්ලා සිටිය බවයි.
මෙසේ ඉශ්රායෙල් සෙනග දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ජීවත්වනවා වෙනුවට මෙතෙක් කල් ඔවුන්ගේ දෙවියන් වෙමින් මඟ පෙන්නු දෙවිවූ ස්වාමින්වහන්සේ එපා කරමින්, ඒ වෙණුවට රජ කෙනෙක් ඉල්ලා සිටීම ගැන උන්වහන්සේද කණගාටු වූ බවත් බයිබලයේ ඇති වාර්තා පෙන්වාදෙයි.
"අපට රජ කෙනෙකු දුන මැනවයි කීම ගැන සාමුවෙල් අසතුටුවිය.
තවද සාමුවෙල් ඒ ගැන ස්වාමින් වහන්සේට යාඥා කළේය.
එවිට ස්වාමින් වහන්සේද;
සෙනග නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න.
මක්නිසාද ඔවුහු නුඹ එපා කළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපා කළෝය.
මා විසින් ඔවුන් මිෂරයෙන් ගෙනා දවසේ පටන් අද දවස දක්වාම, මා අත්හැර වෙන දෙවිවරුනට සේවය කරමින් ඔවුන් කළාවූ සියලු ක්‍රියාවල හැටියට ඔවුහු නුඹටත් කරති."
-1 සාමුවෙල් 8: 6-8
දෙවියන් වහන්සේගේ පාළනය එපා කරමින් ඒ වෙනුවට රජකෙනෙක් ඉල්ලා සිටිද්දී ඒ ඉල්ලීම පිටුපසින් පැමිණෙන බාධාව ගැනත් උන්වහන්සේම ඔවුන්ට පැහැදිලි කරදුන් බවත් එහි සඳහන් වෙයි. එය ඔවුන් වෙනුවෙන් වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයත් පෙන්වාදෙයි. ඒ නුමුත් ඒ ගැන ගණන් නොගෙන ඔවුන්ගේ ඉල්ලීම කෙසේ හෝ ඔවුන්ට දෙන මෙන් ඉල්ලා සිටි බව දේව වචනය පැහැදිලි කරයි.
දෙවියන්වහන්සේ වෙනුවට රජ කෙනෙක් නුඹලා රජ කෙනෙක් පත්කර ගත්තොත්,
ඒ රජ තුමා නුඹලාගේ ගාලේ හොඳම සතුන් බලෙන් රැගෙන යන බවත්,
කෙතේ හොඳම ඵලයේ කොටසක්ද නුඹලාගෙන් බලෙන් අර ගන්නා බවත්,
නුඹලාගේ තරුණයන් රජුගේ වහල් සේවකයන් කරගෙන,
තරුණ දුවරුද රජතුමාගේ මාලිගාවල වැඩකිරීමට බලෙන් රැගෙන යයි යනුවෙන් ඒ පැත්තද ගැනත් දෙවියන් වහන්සේම ඔවුන්ට තේරුම් කර දුන්නත්;
එයට ඉශ්රායෙල් සෙනග දැක්වූ ප්‍රතිචාරය ලෙසින් පරණ ගිවිසුමේ ලියවී ඇත්තේ, ඒකට කමක් නැහැ, අපට රජ කෙනෙක් නියමකර දෙන්න, කියා උන්වහසේගෙන් දැඩිවම ඉල්ලා සිටිය බවයි.
මෙයත් ඔබගේ කැමැත්ත කෙසේ වෙතත් මාගේ කැමැත්ත වේවා! යනුවෙන් කරන ළද තවත් එක යාඥාවක් බව පැහැදිළිව පෙනෙයි.
මෙසේ ඉශ්රායෙල් සෙනගගේ දැඩි ඉල්ලීමට අනුව, ඉශ්රායෙල් සෙනග "රජ වරුන්" විසින් පාළනය කිරීමේ ක්‍රමය ඇරඹුණත්, එහි අවසානය ඉතාමත් කණගාටුදායක මෙන්ම අවසානාවන්ත එකක්ද වූ බවත් ඉශ්රායෙල් වරුන්ගේ ඉතිහාසය අපට පෙන්වාදෙයි.
මිෂරයේ වහල් කමෙන් මිදී කානාන් දේශයේ ස්වාධින සෙනගක් බවට පත්වූ ඉශ්රායෙල් සෙනග අවසානයේදී නැවත වතාවක් බබිලෝනියේ රජුගේ වහල්ලුන් බවට පත්වු බවත් ඔවුන්ව නිදහස් කර ගැනීමට ඔවුන්ගේ රජවරුන්ට නොහැකි වූ බවත් බයිබලයේ ඇති වාර්තා පෙන්වාදෙයි. ඉන්පසු ඉස්රයෙක් ජාතිය නැවත වතාවක් නොනැගිටි බවත් මෙසේ ඉශ්රායෙල් සෙනගගේ අභිමානයත් ඒ සමගම වැළලී ගියබවට සාක්ෂිත් ඉතිහාසය පෙන්වාදෙයි.
දෙවියන්වහන්සේගේ පාලනයට ඉහලින්, උන්වහන්සේගේ කැමැත්තට පිටුපාමින්, තමන්ගේම ස්වකිය කැමැත්ත ඉෂ්ඨ කරගැනීමේ අරමුණින් පමණක් කරණ ළද ඉල්ලිමක අවසානය දක්වන මෙම උදාහරණය තුලින් දෙවියන්වහන්සේගේ කැමැත්ත අභිබවා මාගේ කැමැත්ත වේවා යන පරමාර්ථය මුල්කරගත් ඉල්ලිමක අනිසි ප්‍රතිඵලද එසේ දිස්වෙයි.
එබැවින් වර්තමානයේ ජිවත්වන අපට මේ උදාහරණ වැදගත් වන්නේ ඒවා තුලින් ජිවිතයට යමක් ඉගෙන ගන්නා පිණිසයි. අපිත් ඔවුන් මෙන් ඒ වැරැද්ද නොකර දෙවියන්වහන්සේගේ කරුණාව ලබාගන්නා පිණිස උන්වහන්සේගේ කැමැත්ත කිරීමට කීකරුවිමට ඉගෙන ගන්නා පිණිසයි. \
ඔබගේ කැමැත්ත වේවා මෙන්ම මාගේ කැමැත්ත වේවා යන පරමාර්ථයන් අතර ඇති වෙනස හඳුනා ගැනීමට මේ උදාහරණ ප්‍රමාණවත් වන හෙයින් ඒගැන තවදුරටත් කථා කිරීමේ වැදගත් නොවන බව හැඟුණත්, ඒ වෙනුවෙන් තවත් එක උදාහරණයක් පමණක් පෙන්වාදීමට සිතෙන්නේ, සමහර විට අපගේ මෙවැනි මාගේ කැමැත්ත වේවා යනුවෙන් කරන ඉල්ලීම් වලට ලැබෙන අනිසි ප්‍රතිඵල අප නොදැක්කත් ඒවා අපගේ මතු පරම්පරාවට බලපාන හේතුවයි.
පරණ ගිවිසුම කාලයේ ජීවත්ව සිටි "හෙසෙකියා නම් වූ රජතුමා" ජුදා දේශයේ ඔහුට පෙර සිටි අනෙක් සියළුම රජවරුනට වඩා දෙවියන්වහන්සේ ඉදිරියේ යහපත් දේ කළ රජකෙනෙක් බව බයිබලය පෙන්වාදෙයි. ඔහුගේ රජ කිරීමේ කාලයෙදී හෙසෙකියාගේ දෙවියන්වහන්සේගේ වැඩවලට ඔහු මුල්තැන දෙමින් ව්‍යවස්ථාව පැවැත්වීමටත් දෙවියන්වහන්සේගේ අණපනත් පැවැත්වීමටත් ඉශ්රායෙල් සෙනග උනන්දු කල බවත් ඔහු ගැන ඇති වාර්තා පෙන්වාදෙයි.
"ඒ කාලයේදී හෙසෙකියා මරණාසන්න වන තරම් රෝගාතුර විය. ආමොස්ගේ පුත්‍රවූ අනාගත වක්තෘ යෙසායා ඔහු ලඟට ඇවිත්, නුඹේ ගෙදර කාරණා බේරා තබා පන්න, මක්නිසාද නුඹ මැරෙන්නේය. ජිවත් නොවන්නේය කියා ස්වාමින් වහන්සේ කියන සේකයි, ඔහුට කිවේය." (යෙසාය 38).
යෙසායා තුළින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඇසු පසු හෙසෙකියා ඒ ගැන ඉතාමත් දුක්වී, ලෙඩ ඇදේ බිත්තිය පැත්තට හිස හරවා ඉතාමත් බැගෑපත්ව දෙවියන්වහන්සේට යාඥා කරමින්; "ස්වාමිණි" මා කළ යහපත් ක්‍රියා සිහි කරමින් මගේ ජිවිතයේ දවස් වැඩිකර දුන මැනව කියමින් ඉතාමත් බැගෑපත්ව, දෙවියන්වහන්සේට මොර ගසා හඬමින් ඉතාමත් තදින් ඉල්ලා සිටි බව ලේකම්ගේ පොත ඒ ගැන ලියා දක්වයි.
ඔබගේ කැමැත්ත කෙසේ වෙතත් මාගේ කැමැත්ත පමණක් වේවා යයි කියමින් උන්වහන්සේට කරනු ලැබූ මේ මාගේ කැමැත්ත මුල්කරගත් ඔහුගේ යාඥාවට දෙවියන්වහන්සේද පිළිතුරු දුන් බවත් බයිබලයේ දැකිය හැකියි. "උන්වහන්සේද ඔහුව සුව කරමින්, ඔහුගේ ජිවිතයට තව අවුරුදු පහළොවක් එකතුකර දුන්නේය."
මේ සිදුවීමෙන් හරියටම අවුරුදු පහළොවක් වැනි කාලයක් අවසානයේදී හෙසෙකියා මියගිය බව ලේකම් පොතේ සටහන් වෙයි. ඉන්පසු ඔහු වෙණුවට රජ වන්නේ ඔහුගේ එකම දරුවා වූ ඒ මනස්සේ බවත් ලේකම් පොත වාර්තා සපයයි.
"හෙසෙකියාගේ අවෑමෙන් ඔහුගේ පුත්‍රයාවූ මනස්සේ රජ බවට පත් වූ අතර මනස්සේ රජ වන විට ඔහුගේ වයස අවුරුදු 12 ක් පමණක් විය. ඔහු ජුදා දේශය අවුරුදු පනස් පහක් රජකම් කළේය.
මනස්සේ නමැති මේ රජතුමා, ජුදා දේශයේ සිටි සියලුම රජවරුන්ටත් වඩා නපුරු ක්‍රියාවන් වල යෙදී දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතාමත් නපුරු ක්‍රියා කළේය."
හෙසෙකියාගේ අවෑමෙන් අනතුරුව වයස අවුරුදු දොළහෙන් රජකමට පත්වූ මනස්සේ අවුරුදු හතලිහක පමණ කාලයක් රජකම් කරමින් දෙවියන්වහන්සේට විරුද්ධව පව්කළ බව කියවෙයි. ඔහු කළ වැරදි ගැන පැවසීමේදී ඒගැන ලියවී ඇත්තේ, ඉශ්රායෙල් හි සිටි රජවරුන් අතරින් දෙවියන්වහන්සේට විරුද්ධව ක්‍රියා කළ නපුරුම රජු ඔහු බවත් බයිබලයේ ඇති වාර්තා සඳහන් කර තිබීමයි.
දෙවියන්වහන්සේගේ කැමැත්ත කෙසේ වෙතත් මාගේ කැමැත්ත කෙසේ හෝ මට දුනමැනව යනුවෙන් කල ඒ "මාගේ කැමැත්ත වේවා" මුල්කර ගත යාඥාවේ අවසාන ප්‍රතිඵලය යහපත් එකක් නොවුන බව පෙනෙයි. ඔහුගේ පුත්‍රයා කළ නපුරු කම් කෙතරම් දුෂිත වුයේද නම්, ඉශ්රායෙල් සෙනග රූප නමස්කාරය සඳහා දරුවන් බිලිදීමට පවා ඔහු විසින් පෙළෙඹවූ බවත්, ඒ වෙනුවෙන් රජතුමා තමාගේම "පළමු ළදරු පුත්‍රයා" ප්රශිද්ධියේම බිලි පුජාවක් ලෙසින් බිලිදී මෙන්, තමන් සෙනගට ආදර්ශයක් වූ බවත් ඔහු කල ක්‍රියා ගැන ඉතිහාසය පෙන්වාදෙයි.
"මෙසේ ඔව්හු තමන්ගේම දරු දැරියන් පූජා කළෝය. ඔව්හු තම දූ පුතුන්ගේ නිදොස් ලේ වැගිරෙව්වෝය; ඔවුන්ගේ දූ දරුවෝ කානානි රූපවලට යාගකරනු ලැබුවෝය; දේශය ද ඒ ලෙයින් දූෂණය විය."
කාලය සහ දින ගණන් සැසඳීමේදී හෙසෙකායාගේ සුවවීමෙන් අනතුරුව ඔහු කල පළමු වැනි කාරණය වන්නේ තමාගෙන් පසුව රජකම බාර ගැනීමට දරුවෙකු හැදීම බව පැහැදිලිව පෙනෙන්නේ දරුවාගේ වයස ගැන බලනා විටයි. තමා මළ පසු තමාගේ රාජ්‍යය තමාගේම අයෙකු විසින් පාලනය කිරීම දැකීම පමණක් ඔහුගේ එකම කැමැත්ත වූ බව පෙනෙයි.
නුමුත් තමා මළ පසු තමාගේ ඉල්ලීමට අනුව උපන් ඒ දරුවා කල දේවල් දැකීමට හෙසෙකියා ජීවත්ව නොසිටියත්, මතු පරම්පරාවට එය බලපෑ බව පෙනෙයි. මනස්සේ විසින් ඔහුගේ පළමු දරුවා බිලි පුජාවක් ලෙසින් පුජාකරමින්, රටවැසියන්ද එසේ කල යුතු බවට ආදර්ශයක් වන තරමට නපුරු වූ රජකෙනෙක් වන්නට යන බව හෙසෙකියා සිහිනෙන් වත් නොසිතන්නට ඇති.
නුමුත් හෙසෙකියා එදා යෙසායා පැවසු පණිවිඩයෙන් පසු, ස්වාමිනී, එය ඔබගේ කැමැත්ත නම්, එසේම වේවා, යනුවෙන් ඔහු වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ ඒ කැමැත්ත පිළිගත්තා නම්; ඔහු මෙළොව හැරදමා දෙවියන්වහන්සේ වෙතට ටික කලකට පෙර ගියත්, ඔහුගේ පුත්‍රයා වූ මනස්සේ ගේ ඉපදීමද සිදුනොවෙයි. හේතුව මනස්සේ ඉපදුනේ ඔහුට ලැබුන මේ අවුරුදු පහලොව යන කාලය තුලදී බවත් මනස්සේගේ වයස අනුව පැහැදිලිවෙයි.
හෙසෙකියාගේ ඉල්ලීමට අනුව ඉපදුන ඒ පුත්‍රයාගේ අකීකරුකම දැකීමට ඔහු ජීවත්ව නොසිටියත් , ඔහුගේම කැමත්ට අනුව ඔහුගෙන් පසු රජකම් කිරීමට පුත්‍රයෙකු බිහිවීමත්, වයස දොලහක් වූ ඒ පුත්‍රයා (මනස්සේ) රජකමට පත් වීමත්, ඒ තුළින් ඔහුගේ භාර්යාව රට පාලනය කිරීමට අවස්තාව ලබාගැනීමත් නිසා ඒ සියල්ල සිදුවූ බවත් පැහැදිලිව පෙනෙයි.
මේ උදාහරණයද ඔබ වහන්සේගේ කැමැත්ත එය නම්, ඒ දෙය මාගේ ජිවිතයේ සිදුවේවා! යන අරමුණින් කිකරුවෙනවා වෙනුවට, ඔබ වහන්සේ දෙවියන් වන බැවින්, මා ඔබ වහන්සේ වෙනුවෙන් කළ සියලු යහපත් ක්‍රියාද සිහිකොට, මාගේ කැමැත්ත මට කෙසේ හෝ ලබාදෙන්න යන අරමුණින් කල යාඥාවක භයාණක පැත්ත එළිදක්වයි.
වර්තමානයේ කරන යාඥාවේ ඇති වෙනස්කම
එදා ඒ පරිසිවරයන් කල ආකාරයෙන්ම වර්තමානයේදී අපත් යාඥාව අවසානයේදී, "ස්වාමිනි ඔබගේ කැමැත්ත නම්" කියා කොටසක්ද යාඥාවේ අවසානයට එකතු කිරීමටත් පුරුදුවී සිටියි. නුමුත් එය චාරිත්‍රය පමණක් බවත් හොඳින් පෙනෙයි. මෙවැනි පුරුදු අපගේ පහසුව උදෙසා අප විසින්ම නවීකරණය කරගත් චාරිත්‍ර වනවා මිසක් ඒ තුල අවංක කීකරුකම හෝ අවංකව දෙවියන්වහන්සේගේ කැමැත්තට ඉඩදී ජීවත්වීම හෝ ක්‍රියා කිරීම දැකීමට නොහැකියි. එදා යේසුස් වහන්සේ තම ගෝලයන්ට ඔවුන් ඉදිරියේ සිටි ඒ ආගමික නායකයන් ගේ වැරදි පුරුදු ලෙසින් පෙන්නා දුන්නේද එවැනි ක්‍රියායි. ඒ තුල අවංකකම මෙන්ම අවංක අරමුණද ගිලිහි ගොස් තිබෙන බවත් උන්වහන්සේ ගෝලයන්ට විස්තර කරයි.
මෙවැනි යාඥාවන් කරන පුද්ගලයන් පවා පලමුවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්ද යැයි දැනගෙන ඉන්පසු ඒ කැමැත්තට අනුව ජීවත්වීමට උත්සාහ කරන පුද්ගලයන් ලෙසින් නොපෙනෙයි. එය දෙවියන්වහන්සේගේ බලය අත්නොදැකීමට හා උන්වහන්සේගෙන් පිළිතුරු අපට නොලැබෙන්නට ඇති තවත් එක හේතුවක්ද වෙයි.
දෙවියන්වහන්සේ අපගේ හඳවතේ ගැඹුරින් කරන අවංක යාඥාවට ඇහුම්කන් දීමට පොරොන්දු වී සිටිනවා වාගේම, අපත් ඒ යාඥාවට පෙර උන්වහන්සේගේ කැමැත්තට සහ සැලැස්මට අනුව කීකරුවී ජීවත්වීමටද බැඳී සිටියි. ඒ කොන්දේසිය උඩ පමණක් අපගේ ආත්මික ජිවිතයේ වර්ධනය මෙන්ම කඩා වැටීමද සිදුවෙයි.
දෙවියන්වහන්සේගේ කැමැත්තට සහ සැළැස්මට අනුව කීකරුවීම ක්‍රිස්තියානි ජිවිතයේ එකම අරමුණ බව දේව වචනය උගන්වයි. අප එසේ කරනවිට උන්වහන්සේත් අපත් අතර ඇති ඒ සම්බන්දය ගොඩනැගෙන බවත් ඒ තුලින් පොරොන්දුව නැමැති ගිවිසුමද සම්පුර්ණ වන බවත් අලුත් ගිවිසුමේ ඇති ඉගැන්වීම පෙන්වාදෙයි.
ගිවිසුම් කඩ කිරීමට දෙවියන්වහන්සේ අකමැති බව දේව වචනයේ සඳහන් වෙයි. එබැවින් අපිත් දෙවියන්වහන්සේ ඒ ගිවිසුමේ ඇති අපේ පැත්තේ වගකීම ගැනත් කල්පනාකර බලා , අපගේ පොරොන්දුව එලෙසින්ම පැවැත්වීමට උත්සාහ දරනවිට, අපතුළ ජිවත්වන ශුද්ධ ආත්මයාණන් වහන්සේද, අපට එසේ කිරීමට දිනපතා උපකාර කිරීමට බැඳී සිටින බවත් දෙවියන්වහන්සේ පොරොන්දු දී තිබෙයි.
යේසුස් වහන්සේ විසින් තම ගෝලයන්ට, "ඔබගේ කැමත්ත වේවා" යන හරි තේරුමකින් දෙවියන්වහන්සේට යාඥා කිරීමට ඉගැන්ණුවේ, ඇදහිලිවන්තයන් හැටියට අප එසේ කිරීම තුළින් යාඥාවේ නියම ආශිර්වාදය අප විසින් උරුම කරගනු පිණිසයි. අපගේ පරම කැමැත්ත හෝ අසාවට ඉහළින්, දෙවියන්වහන්සේ අපට ජීවත්වන්නට කියා තිබෙන්නේ කුමක්ද කියා තේරුම් ගෙන ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීමට උත්සාහ කිරීම ක්‍රිස්තියානි කාරයන් වන අපගේ වගකීමද වෙයි.
පාඩම මෙතැනින් අවසන්.
++++++++++++++++++++++++++++++++++++++++++
ජාතික පාපෝච්චාරණයක්- ගීතාවලිය 106 / අමතර කියවීම උදෙසා
1 ස්වාමින්ට ප්‍රශංසා කරව්. මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
2. ස්වාමීන්ගේ බලවත් ක්‍රියා කියන්න ටත් උන්වහන්සේගේ සියළු ප්‍රශංසාව ප්‍රකාශ කරන්න ටත් කාට පුලුවන්ද?
3 යුක්තිය රක්ෂා කරන්නෝද හැම කල්හි ධර්මිෂ්ඨ කම් කරණ තැනැත්තාද ආශිර්වාද ලද්දෝය.
4 මා විසින් ඔබගේ තෝරාගත්තවුන් ගේ ශුභසිද්ධිය දකින පිණිසත්, ඔබගේ ජාතියේ සංතෝෂයට පාත්‍ර වන පිණිසත්, ඔබගේ උරුමය වුවන් සමග ජය ප්‍රකාශ කරණ පිණිසත්,
5 ස්වාමිනි, ඔබගේ සෙනග කෙරෙහි පවත්වන කරුණාවෙන් මා සිහිකළ මැනව.
6. අපි අපේ පියවරුන් හා සමග පව් කෙලෙමුව. අයුතු කම් කෙලෙමුව. දුෂ්ඨ ලෙස ක්‍රියා කෙලෙමුව.
7. අපේ පියවරු මිසරයේදී ඔබගේ ආශ්චර්යය යන තේරුම් නොගත්තෝය. ඔබගේ කරුණා රාශිය සිහි නොකළෝය. මුහුද එනම් රතු මුහුද ලඟදි කැරලි ගැසුවෝය.
8 එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකිය නාමය නිසා ඔවුන් ගැලවුසේක.
9 උන්වහන්සේ රතු මුහුදට තරවටු කළ සේක.එක වියළුනේය.වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක. සතුරාගේ අතින් ඔවුන් මිදුසේක.
10 ඔවුන්ට වයිර වුවන් අතින් ඔවුන් ගැලවුසේක.සතුරාගේ අතින් ඔවුන් මිදුසේක.
11 ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධ කාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවිය.
12 එවිට ඔවුහු උන්වහන්සේගේ වචනය විශ්වාස කොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.
13 නුමුත් ඔවුහු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැති කරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලා නොසිටියෝය.
14 වනාන්තරයෙහි අධික තෘෂ්ණාවට අසුවී, කාන්තාරයේදී දෙවියන්වහන්සේ පරික්ෂා කළෝය.
15. උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ඨ කළසේක; නුමුත් ඔවුන්ගේ ආත්මය කෘෂ භාවයට පැමිණවූ සේක.
16 කඳවුරේදී ඔවුන් මොසෙස්ටත් ස්වාමීන්ගේ ශුද්ධ තැනැත්තාවූ ආරෝන්ටත් ඊර්ෂ්‍යා කළෝය.
17 පොළොව විවරව ධාතාන් ගිලගත්තෝය. අබිරාම්ගේ කණ්ඩායමද වසා ගත්තෝය.
18 ඔවුන්ගේ කණ්ඩායම මාධ්‍යයේ ගින්නක් ඇවිලුනේය. ගිණි දැල් දුෂ්ඨයන් දවා දැමීය.
19 ඔවුහු හෙරොබ් හිදී වස්සෙකු සාදා; වාත්තු රූපයකට නමස්කාර කළෝය.
20 මෙසේ ඔවුහු තමුන්ගේ මහිමය වූ තැනැන්වහන්සේ තණ කොළ කන ගොනෙකුගේ ස්වරුපයට මාරුකලෝය.
21 ඔවුහු මිෂරයේදී මහත්දේද, හාම්ගේ දේශයේදී ආශ්චර්යය ක්‍රියාද,
22 රතු මුහුද ලඟදි භයන්කාර ක්‍රියාද කලාවූ තමුන්ගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ මතකනැති කළෝය.
23. එබැවින් උන්වහන්සේ; ඔවුන් විනාශ කරමියි කීසේක.
උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ නොසිටියේ නම්, එසේකරනවා ඇත,
24 ඔවුන් ප්‍රිය උපදවන දේශය හෙළා දැක්කෝය. උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය.
25 නුමුත් තමුන්ගේ කුඩාරම් වලදී කොඳුලෝය. ස්වාමීන්ගේ ශබ්ධයට ඇහුම්කන් නුදුන්නෝය.
26 එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙලාදමන බවත්, ඔවුන්ගේ වංශය ජාතින් අතරේ හෙලා දමන බවත්,
27 ඔවුන් දේශවල විසුරුවන් බවත් කියා, ස්වකිය හස්තය ඔසවා දිවුලසේක.
28 ඔවුහු බාල්පෙයාර්ටත් බැඳී, මළවුන්ට පිදුදේ කෑවෝය.
29 මෙසේ ඔවුන් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරෙව්වෝය. වසන්ගතයද ඔවුන් අතරට පැමිණියේය.
30 එවිට පිනෙහාස් නැගිට යුක්තිය ඉෂ්ඨ කළේය. මෙසේ වසංගතය නවත්වන ලද්දේය.
31 එය සදාකල්ම සියළු පරම්පරාවලට ඔහුට ධර්මිෂ්ඨ කම කොට ගණන් ගන්නා ලද්දේය.
32 ඔවුහු මෙරිබාහි වතුර ළඟදිත් උන්වහන්සේ උදහස් කළෝය. එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට නපුර සිදුවිය.
33 මක්නිසාද ඔවුහු ඔහුගේ ආත්මයට විරුද්ධව කැරලි ගැසුවෝය. ඔහුද තමාගේ කටින් අවිචාරයෙන් කථා කළේය.
34 ස්වාමින් අණකළ ලෙස ඔවුහු මනුෂ්‍යය වර්ගයන් විනාශ නොකොට,
35 අන්‍යය ජාතින් හා සමග මිශ්‍රව ඔවුන්ගේ ක්‍රියා ඉගෙනගත්තෝය.
36 ඔවුහු ඔවුන්ගේ රූපවලට මෙහෙ කළෝය. ඒවා ඔවුන්ට මලපතක් විය.
37 එසේය ඔවුහු තමුන්ගේ පුත්‍රයන්ද දුවරුන්ද යක්ෂයන්ට පුජා කළෝය.
38 ඔවුහු නිදොස් ලේ, එනම් කානාණි රූපවලට පුජා කරනු ලැබූ තමුන්ගේ පුත්රයන්ගේත් දුවරුන්ගේත් ලේ වැගිරෙව්වෝය. දේශයද ලෙයින් දුෂණය විය.
39 මෙසේ ඔවුහු ස්වකිය කර්මාන්ත වලින් කිලිටුව, තමුන්ගේ ක්‍රියාවලින් වයිශ්යාකම් කළෝය.
40 එබැවින් ස්වාමින්වහන්සේගේ උදහස තමන් සෙනගට විරුද්ධව ඇවුළුනේය. උන්වහන්සේ තමන් උරුමය පිළිකුල් කොට ,
41 ජාතීන්ගේ අතට ඔවුන් පාවාදුන් සේක. ඔවුන්ට වයිරවුවෝ ඔවුන් කෙරෙහි ආණ්ඩු කළෝය.
42. ඔවුන්ගේ සතුරෝද ඔවුන්ට පිඩා කළෝය. ඔවුහු සතුරන්ගේ අත්යටට යටත් කරනු ලැබුවෝය.
43 උන්වහන්සේ බොහෝවර ඔවුන් මිදුසේක. නුමුත් ඔවුහු ස්වකිය මන්ත්‍රනයෙන් කැරලිගසා ස්වකිය අයුතුකම නිසා පහත් කරනු ලැබුවෝය.
44 එසේවූ නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන්ගේ විපත්තිය දෙස බැලුසේක.
45 ඔවුන් උදෙසා තම ස්වකිය ගිවිසුම සිහිකොට තමන්ගේ අධික කරුණාව ලෙස තැවුණු සේක.
46 ඔවුන් වහල් කොට ගෙනගිය සියල්ලන් ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැස්වූ සේක.
48 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමින්ට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසා වේවා!
මුළු සෙනඟද ආමෙන් කියත්වා!
(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)